ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන්

33

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
මේ අතර තරඟය ආරම්භ වීමට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වු අතර ඒ හේතුවෙන් තරඟය පැය එකහාමාරක පමණ ප්‍රමාදයකින් පසු ආරම්භ කෙරුණා.
එහිදී පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවි ලකුණු 287 ක් ලබා සිටියදී නැවත තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 120 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 141 ක් ලබා සිටියා.
කෙසේ වෙතත් වර්ෂාව දිගින් දිගටම පැවතීම හේතුවෙනුයි තරඟ තීරකයන් තරඟය නතර කිරීමට පියවර ගත්තේ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවි ලකුණු 282ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 578ක් රැස් කළා.

Your Comments