ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු 20යි විස්ස තරගය අද

5

ඉදිරියේ දී කවුරුන් කණ්ඩායමේ නායකත්වයට පත් වුවද 2020 වසරේ ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ශක්තිමත් සංචිතයක් සකස් කිරීම සිය අරමුණ බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.
නවසීලන්තයට එරෙහිව අද ආරම්භ වන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය අද පස්වරු 7ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
තරගයේ සජීවී විස්තර විචාරයට සිත එෆ් එම් ඔස්සේ සවන් දීමේ අවස්ථාව ශ්‍රාවක ඔබට හිමිවනවා.

Your Comments