ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන හා අවසන් ටෙස්ට් තරගය අද පස්වරු 1.30 ට

7

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ආබාධ හේතුවෙන් ක්‍රීඩකයින් පස් දෙනෙකුට ඒ සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තහවුරු කළා.

ඒ, තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර, කසුන් රාජිත සහ ඕෂද ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ට අද තරගය අහිමිවනවා.

මිනෝද් භානුක සහ අසිත ප්‍රනාන්දු මෙම තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගනු ඇති බව සඳහන්.

ළහිරු තිරිමාන්න අංක 3 පිතිකරු ලෙසත් කුසල් මෙන්ඩිස් අංක 4 පිතිකරු ලෙසත් ක්‍රීඩා කිරීමට නියමිත බවයි දිමුත් කරුණාරත්න වැඩිදුරටත් සදහන් කළේ.

Your Comments