ශ්‍රී ලංකා තරග සංචාරයේ බංග්ලාදේශ A කණ්ඩායම් නායකත්වය මොමිනුල් හක්ට

6

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා වන බංග්ලාදේශ “ඒ” කණ්ඩායමේ නායකත්වය මොමිනුල් හක්ට පැවරී තිබෙනවා.

සිව්දින තරග 2ක් සහ එක්දින තරග තුනකින් යුත් තරග සංචාරය සදහා වන බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
සංචිතය සදහා සෞම්‍ය සාකාර්, මෙහෙදි හසාන් මිරාස් මෙන්ම මොහොමඞ් මිතුන් ද ඇතුළත් වනවා.

පළමු නිලනොවන සිව්දින ක්‍රිකට් තරගය ලබන 23 වනදා කටුනායක දී ආරම්භ වනු ඇති.

දෙවන තරගය ගාල්ලේ දී පැවැත්වෙන අතර, එක්දින තරග 3 හම්බන්තොට දී සහ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ වන විට බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා සෞම්‍ය සාකාර් නම් කර තිබුණ ද එහි දී දැක් වූ අසාර්ථක පිතිහරඹය හේතුවෙන් ඔහුව ඉදිරි තරග දෙක සදහා වන බංග්ලාදේශ සංචිතයෙන් ද ඉවත් කෙරුණා.

ඒ අනුවයි අවසන් මොහොතේ දී ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන බංග්ලාදේශ “ඒ” සංචිතයට ඔහුව නම් කර ඇත්තේ.

Your Comments