“ශ්‍රී ලංකා තරගාවලිය වෙනත් රටක බෑ” – පාකිස්තානය කියයි

47

ශ‍්‍රී ලංකාව සමග මෙම මස අගදී පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිත එක්දින සහ 20යි 20 ක්‍රිකට් තරගාවලි කිසිසේත් වෙනත් රටක නොපවත්වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

එසේ වෙනත් රටක පැවැත්වීමට කටයුතු කළහොත් එය ජාත්‍යන්තර තරග පාකිස්තානයට රැගෙන ඒමේ උත්සාහයට ද බලපෑමක් එල්ල වන බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

එමෙන්ම එය පාකිස්තාන සුපර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියට පවා බලපෑමක් එල්ල කරනු ඇති බව එරට ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ශ‍්‍රී ලංකා – පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තාන තරග සංචාරයේ දි ශ‍්‍රී ලංකා කණ්ඩායමට ත‍්‍රස්ත අවදානමක් පවතින බවට මෙරට අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කළ දැනුම් දීමක් හේතුවෙනුයි අදාළ තරග සංචාරය මේ වන විට අර්බුදයකට ලක්ව ඇත්තේ.

Your Comments