ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද

5

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.40ට සිඞ්නි හිදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර ඊයේ පැවති පළමු 20යි 20 තරගයෙන් ජය ගත් ඔස්ටේ්‍රලියාව මේ වන විට තරග 1ට 0 ක් ලෙස තරග තුනකින් යුත් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.
මේ අතර, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට කරච්චි හීදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය පසුගියදා වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

Your Comments