ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 41ක පරාජයක්

8

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු පිතිකාරිනිය බවට පත්විම ශ්‍රී ලංකා කාන්තා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අද සමත් වුණා.
ඒ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග සිඞ්නි ක්‍රීඩාංගනයේ අද පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදීයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්‍රලියාව කඩුළු 4ක් දැවි ලකුණු 217ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි.
ඒ අනුව තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 66 කදී 6 පහර 6ක් සහ 4 පහර 12ක් සමගින් ලකුණු 113ක් ලබා ගත්තා.

Your Comments