ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 7ක තියුණු ජයක්

17

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණූ 225ක් ලබා ගත්තා.
ඬේන් වෑන් නිකක් ලකුණු 102යි.
පන්දු යැවීමේ දී ඕෂධී රණසිංහ කඩුලු 3ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 218ක් පමණයි.
ශෂිකලා සිරිවර්ධන ලකුණු 49ක් රැස් කළා.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත්.

Your Comments