ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු ක්‍රිඩක ළහිරු කුමාරටත් කොරෝනා

6

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩක ළහිරු කුමාරට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ ආශ්‍රිතයින් සෙවීමෙ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචිතයේ ළහිරු කුමාර ද ඇතුළත්ව සිටියා.

කෙසේ වෙතත් ළහිරු කුමාරට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔහු වෙනුවට වේගපන්දු යවන්නන් වන සුරංග ලක්මාල් හෝ විිශ්ව ප්‍රනාන්දු කණ්ඩායට කැඳවීමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් බාධාවකින් තොරව හෙට දිනයේ දී බටහිර ඉන්දීය කොදෙව් දේශය සඳහා පිටත්වීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිි මාර්ග සඳහන් කළා.

Your Comments