ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයයි

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත්භාවයට පත් වන බවට පල වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ එවැනි කිසිදු මූල්‍ය අර්බුදයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්ව නොමැති බවයි.
පසුගියදා ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් සදහන් කර තිබුණේ තවත් මාස 9කින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත්භාවයට පත් වන බවයි.
ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ඈෂ්ලි ද සිල්වා සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරියා වන ජෙරොම් ජයරත්න යන මහත්වරුන් පසුගිය සතියේ දී කළමණාකරණ කාර්යමණ්ඩලයට විශේෂ රැස්වීමක් කැදවා තිබූ බව එම වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් මාස 6කින් බංකොලොත්භාවයට පත් වන බවට කාර්ය මණ්ඩලය වෙත දැනුම් දී තිබූ බවටයි එම වෙබ් අඩවියේ දැක් වුණේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ක්‍රිකට් ආයතනයේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් සහ ලෝක කුසලානයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය පහත දැමීමේ අරමුණින් අදාළ පුවත ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවිය විසින් පල කර ඇති බවයි.
අදාළ පුවතට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ද අදහස් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

Your Comments