ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශයට

10

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

 

දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ තරඟාවලිය සඳහා කණ්ඩායම යහපත් සූදානමින් පසුවන බවයි.

මේ අතර කොදෙව් සංචාරය සදහා නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට වේග පන්දු යවන ක්‍රිඩක සුරංග ලක්මාල් ඇතුලත් කර තිබෙනවා.

කොරෝනා ආසාදනයවීම හේතුවෙන් ළහිරු කුමාරට කොදෙව් සංචාරය සදහා සහභාගී වීමට අවස්ථාව නොලැබුණු අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න සදහන් කලේ එය වැලැක්විය නොහැකි කරුණක් බවයි.

 

Your Comments