ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයක

3

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඒ ලකුණු 250 කට කඩුළු 8 ක් බිඳ වැටීමත් සමගයි.

ඒ අනුව කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේ රැස් කළ ලකුණු 354ට ආසන්න වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 104 ක් රැස් කළ යුතු වනවා.

ඒ සඳහා ඉතිරිව ඇත්තේ කඩුළු දෙකක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැදී සිටින යොවුන් ක්‍රිඩක පැතුම් නිස්සංක දිනය නිමාවන විට ලකුණු 49 ක් රැස් කරගෙන සිටියා.

අද තරගයේ සිව්වන දිනයයි.

Your Comments