ශ්‍රී ලංකා – ඉන්දියා තෙවැනි 20යි 20 අද

7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තෙවැනි 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

තරගය පස්වරු 7ට පූනේ හි දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ට බොහෝ විට ක්‍රීඩා කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඔහු ඊයේ පැවැති පුහුණුවීම්වලදී පළමුවෙන්ම පිතිකරණ පුහුණුවේ නිරත වූ පිතිකරුවන් අතර ද සිටි බවත්, පන්දු යැවීමේ පුහුණුවීම්වලද නිරතවූ බවත් වාර්තා වනවා.

ආබාධයක් හේතුවෙන් ඉසුරු උදාන මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

Your Comments