ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ කණ්ඩායමෙන් ප්‍රබල අභියෝගයක්

13

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් තරගයේ තෙවන දිනය ඊයේ නිමා වුණා.
දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 62ක්.
ඊයේ දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි ශ්‍රී ලංකාවට සියලූ දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 293ක් පමණයි.
ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64යි.
පන්දු යැවීමේ දී සිකන්ඩා රාසා කඩුලු 7ක් බිද හෙලුවා.
හරාරේ හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලූ දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 406ක්.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා දෙවන ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 175ක්.
මේ අතර, සිම්බාබ්වේ ආරම්භක පිතිකරු කෙවින් කසූසාට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යළි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු පන්දු රකිමින් සිටින අතරතුර දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් ඇති වූ කම්පන තත්ත්වය හේතුවෙන්.
ඔහු වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම සදහා ටිමිසෙන් මරුමා ආදේශ කර ඇති බව සඳහන්.

Your Comments