ශ්‍රී ලංකාවට ලකුණු 372ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක්

6

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තයේ මවුන්ට් මෝන්ගැනුයි හී දී මේ වන විට පැවැත්වෙනවා
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 371ක් ලබා ගත්තා.
මාර්ටින් ගප්ටිල් ලකුණු 138යි.
ජේම්ස් නීෂම් පන්දු 13 කදී 6 පහර 6ක් සමගින් ලකුණු 13ක් රැස් කිරීම විශේෂත්වයක්.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 16 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 110 ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහර දෙන නිරෝෂන් දික්වැල්ල ලකුණු 59ක් සහ ධනුෂ්ක ගුණතිංලකලකුණු 42ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Your Comments