ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්

8

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවන හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණූ 45ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
ජොහැනස්බර්ග් හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 198ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය ජය ගැනීම සදහා ඔවුන්ට පන්දුවාර 17කදී හිමි වූ ඉලක්කය ලකුණු 183ක්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පන්දුවාර 15.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.
ඒ අනුව දෙරට අතර පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකාවයි.

Your Comments