ශ්‍රී ලංකාවට එරෙහි ස්කොට්ලන්ත සංචිතය නම් කෙරේ

32

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්විමට නියමිත එක්දින ක්‍රිකට් තරග දෙක සදහා වන ස්කොට්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කේල් කොට්සර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.
ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ක්‍රීඩා කළ ස්කොට්ලන්ත සංචිතය හා සැසදීමේ දී මෙම සංචිතයේ සිදුව ඇත්තේ එක් වෙනස්කමක් පමණයි.
දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග දෙක ලබන 18 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Your Comments