ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතයට වසර 10කට පසු අලාම් කැඳවයි

17

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අසාර් අලීගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්

ටෙස්ට් සංචිතය සඳහා වසර දහයකට පමණ පසු ෆවඩ් අලාම් කැඳවා තිබීම විශේෂත්වයක්.

පළමු පෙල තරගවලදී ලකුණු 12,000 කට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇති ඔහු අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළේ නවසීලන්තයට එරෙහිව 2009 වසරේ දී යි.

ඔස්ට්‍රේලියාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතයට නම් කර සිටි ඉෆ්ටිකාර් අහ්මඩ් සහ මුසා කාන් මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 11 වනදා රාවල්පින්ඩි හී දී ආරම්භ කීරීමට නියමිතයි.

පාකිස්තානයේ දී ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Your Comments