ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය දකුණු අප්‍රිකානු ක්‍රීඩක වර්නන් ෆිලැන්ඩර්ට අහිමි වෙයි

18

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක වර්නන් ෆිලැන්ඩර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු ගොදුරු වී ඇති පාදයේ ආබාධ තත්ත්වය හේතුවෙන්.
එම නිසා වර්නන් ෆිලැන්ඩර්ට දින 10ත් 12ත් අතර කාලයක් විවේක ගැනීමට සිදුවන බවයි දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඔටිස් ගිබ්සන් සදහන් කළේ.
ඔහු වෙනුවට දෙවන ටෙස්ට් තරගය සදහා නවක ක්‍රීඩක වියාන් මුල්ඩර් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව සදහන්.

Your Comments