ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට

7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ලෙස ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා.

ඒ, කරච්චි නුවර පැවැති තෙවන හා අවසන් තරගයෙන් පාකිස්තානය කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 297ක් ලබා ගත්තා.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 133යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 10ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ෆකාර් සමාන් ලකුණු 76ක් සහ අබීඩ් අලී ලකුණු 74ක් ලබා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතයි.

Your Comments