ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැදවයි

3

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා.

 

ඒ මීට පෙර අවස්ථාවේ නිසි සූදානමකින් තොරව ක්‍රිකට් ආයතන නිලදාරීන් එහි පෙනී සිටීම හේතුවෙන්.

පසුගිය 11 වනදා මෙලෙස කෝප් කමිටුව හමුවේ පෙනී සිටියද ඊට අදාල ලිපි ගොනු කිසිවක් රැගෙනවිත් තිබුනේ නැහැ.

ඒ අනුවයි හෙට දිනයේ ක්‍රිකට් ආයතන නිලදාරීන් කෝප් කමිටුව හමුවට යලි කැදවා ඇත්තේ.

කෙසේ වෙතත් කල් ඉකුත් වී ඇති ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීම් කටයුතු සදහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය සිකුරාදා කටයුතු කලා.

එවැනි තත්වයක් තුළ හෙට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින්නේ මීට පෙර එහි නිලධාරීන් ලෙස කටයුතු කල මොහාන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලයද නැතහොත් නව පංච පුද්ගල කමිටුවද යන්න සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්වයක් මතුව ඇති බවයි ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කලේ.

Your Comments