ශකිබ් අල් හසාන්ට IPL සඳහා අනුමැතිය

17

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ, ඔහුගේ අතක ඇගිල්ලක හට ගෙන තිබූ ආබාධ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් සුව වී තිබීම හේතුවෙන්.
මෙම ආබාධය නිසා ශකිබ් අල් හසාන්ට නිමා වූ නවසීලන්ත තරග සංචාරය ද අහිමි වුණා.
අයි.පී.එල් තරගාවලියේ දී ඔහු සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඔහුට වෛද්‍ය නිර්දේශ මත පමණක් අදාළ තරගාවලියට එක්වීමට අවසර ලබා දෙන බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මීට පෙර සදහන් කර තිබුණේ.

Your Comments