වොලිබෝල් සම්මේලනයේ නිලවරණය අප්‍රේල් 4 වැනිදා

6

වොලිබෝල් සම්මේලනයේ නිලවරණය අප්‍රේල් 4 වැනිදා පෙරවරු 10 ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නාමයෝජනා බාරගැනීම පසුගිය 22 වනදා අවසන් වූ අතර නාමයෝජනාවලට එරෙහි විරෝධතා භාර ගැනීම 23 වනදා පෙරවරු 9 සිට 11 දක්වා සිදු කෙරුණා.

උප සභාපති ධුර හයක් සඳහා නාමයෝජනා හතක්ද, කාරක සභාවේ ධුර 11ක් සඳහා නාමයෝජනා 17ක්ද, ඉදිරිපත්ව තිබෙනවා.

සම්මේලනයේ වත්මන් ලේකම් ඒ.එස්. නාලක මහතා සහ වත්මන් භාණ්ඩාගාරික තුෂාර සම්පත් යන මහත්වරු මෙවරත් එම ධුර සඳහා නිතරගයෙන් පත්වුණා.

නියෝජ්‍ය ලේකම් ධුර දෙක සහ නියෝජ්‍ය භාණ්ඩාගාරික ධුරය සඳහා ද නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන් නිතරගයෙන් පත්වීම් ලබා ඇති බව සඳහන්.

Your Comments