වේගය පැයට කිලෝමීටර් 133ක් – රත්නපුරේ මාලිංග මෙන්න

7

නවක වේග පන්දු යවන්නන් සොයා ගිය ප්‍රවර්ධන වැඩසටහනක් ජයග්‍රහණය කිරීමට රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ඒෂාන් මාලිංග සමත්ව තිබෙනවා. ඒ සඳහා වන සම්මානය ඔහු දිනාගැනීමට සමත්ව ඇති අතර ඔහුගේ පන්දු යොමු කිරීමේ වේගය පැයට කිලෝමීටර් 133ක් ලෙසට සටහන් කරගෙන තිබීමද විශේෂත්වයක්.
ශ්‍රී ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.
කෙසේ වෙතත් ඒෂාන්ගේ පන්දු යැවීමේ වේගය මූලික වටයේදී සටහන් වූයේ පැයට කිලෝමීටර් 127ක් ලෙසයි. පසුව ප්‍රවීන පන්දු යැවීමේ පුහුණුකරු අනුෂ සමරනායක මහතා යටතේ ලද තාක්ෂණික පුහුණුවෙන් අනතුරුව ඒෂාන්ගේ පන්දු යැවීමේ තාක්ෂණයේ මෙන්ම වේගයේද වෙනසක් දක්නට ලැබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ චමින්ද වාස්ගෙන් ලද උපදෙස් සහ ගුරුහරුකම් යටතේ දෙවන වටයේදී ඒෂාන් මාලිංගගේ දක්ෂතා තවදුරටත් වර්ධනයක් දක්නට ලැබුණා. එම වර්ධනයක් සමගින් ඔවු පැයට කිලෝමීටර් 133ක් තරම් වේගයකින් පන්දු යොමු කිරීමේ හැකියාව සටහන් කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

 

Your Comments