විනිසුරු ධර්මසේනට එරෙහි වූ රෝයිට තීරක මඩුගල්ලගෙන් දඩ

353

විනිසුරු ධර්මසේනට එරෙහි වූ රෝයිට ජේසන් මඩුගල්ලගෙන් දඩ

එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, ඊයේ (12) ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ දෙවන අවසන් පූර්ව තරගයේ දී රෝයි අයි.සී.සී විනය නීති සංග්‍රහය කඩ කිරීම හේතුවෙන්.

ජේස්න් රෝයි විසින් කඩුලු රකින ක්‍රීඩකයාට උඩ පන්දුවක් ලබා දී දැවි ගිය බවට විනිසුරු කුමාර් ධර්මසේන තීන්දුවක් ලබා දුන්නා.

ඊට ජේස්න් රෝයි විරෝධය පළ කළා.

විනිසුරුගේ තීරණයට එරෙහිවීම ජේස්න් රෝයි ට එල්ල වූ චෝදනාවයි.

ඒ වන විටත් එංගලන්තයට හිමිව තිබූ ‘විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ‘ හෙවත් DRS අවස්ථාවත් අවසන්ව තිබූනා.

පුනරූපනවලින් පෙන්නුම් කළේ එම පන්දුව ජේසන් රෝයිගේ පිත්තේ නොවදින බවක්.

කෙසේ වෙතත්, විනිසුරු තීරණය අවසන් තීරණය වන බැවින් ජේසන් රෝයිට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

එම අවස්ථාවේ දී ඔහු දැඩි ලෙස විනිසුරු තීරණය අභියෝගයට ලක් කරනු දක්නට ලැබුණා.

එය අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමක් බවටයි තරග තීරක රංජන් මඩුගල්ල තීරණය කළේ.

ඒ අනුව ජේසන් රෝයිට තරග ගාස්තුවෙන් 30%ක දඩ මුදලක් පැනවීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තේ.

Your Comments