වසර ගනණාවක් නොපැවැත්වුණ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තුවේදී

32

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය ලබන අගෝස්තු මාසයේදී මෙරටදී පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එහි සභාපති ශම්මි සිල්වා මහතා මේ බව අවධාරණය කර සිටියේ කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් ලක්ෂ 150 ක් වටිනා පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීම සම්බන්ධව පැවැති මාධ්‍ය හමුවකදීයි.
පසුගිය සති කිහිපය පුරාවටම මතභේදයට තුඩුදුන් දියගම ඉදිකිරීමට සැලසුම් කර තිබු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ද මෙහිදී ක්‍රිකට් සභාපතිවරයා අදහස් පල කළා.

Your Comments