වසරේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය පැට් කමින්ස් හිමි කර ගනී

3


වසරේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝර්ඩර් සම්මානය මෙවර දිනා ගැනීමට පැට් කමින්ස් සමත්ව තිබෙනවා.
ඒ, අද පැවැති ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී යි.
වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ නේදන් ලියෝන්.
වසරේ එක්දින ක්‍රීඩකයා ලෙස මර්කස් ස්ටොයිනිස් සම්මාන හිමි කර ගත්තා.
වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා ග්ලේන් මැක්ස්වෙල්.
වසරේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස විල් පුකොව්ස්කි සම්මාන දිනා ගත් අතර, දේශීය තරග බිමේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මැතිව් වේඞ් සම්මාන හිමි කර ගත්තා.
මේ අතර, වසරේ එක්දින සහ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස අල්යාස් හේලි සම්මාන දිනා ගැනීමට සමත් වුණා.
වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ඇයයි.

Your Comments