වර්ගවාදය ප්‍රකාශය කල ප්‍රේක්ෂකයින් 6ක් ක්‍රිඩාගාරයෙන් ඉවතට

12

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් පිරිසක් ඉවත් කිරිමට ආරක්ෂක අංශ විසින් අද පියවර ගනු ලැබුවා.

ඒ, ප්‍රේක්ෂකයින් විසින් වර්ගවාදය මුල් කර ගනිමින් විවිධ ප්‍රකාශ සිදු කරන බවට ඉන්දීය ක්‍රීඩක මොහොමඞ් සිරාජ් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියදී මෙම තත්ත්වයට මුහුණ දීමට ඔහුට සිදු වුණා.

ඔහු ඒ සම්බන්ධයෙන් පිටියේ සිටි විනිසුරුවන්ව දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරින් පැමිණ එම ස්ථානයේ සිටි ප්‍රේක්ෂකයින් පිටියෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියාව අතර සිඩනිහි දී පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුළු 2ක් දැවී ලබා සිට ලකුණු සංඛ්‍යාව 98 ක්.

 

Your Comments