වයස 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද

9

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද(22) පැවැත්වෙනවා.
ඒ, නවසීලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිවයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට බ්ලුම්ෆොන්ටයින් හී දී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය හැරුණු විට අද දිනයේ දී තවත් තරග 3ක් පැවැත්වෙනවා.
එහිදී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කැනඩාවට එරෙහිවද, ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවද, පාකිස්තාන කණ්ඩායම සිම්බාබ්වේ දේශයට එරෙහිව ද තරග වදිනු ඇති.

Your Comments