වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 15ක ජයක්

14

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර තමන් ක්‍රීඩා කළ පළමු පුහුණු තරගයෙන් ලකුණු 15 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ සත්කාරක දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම වීම විශේෂත්වයක්.
ඩොබ්සන්විලීහි පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 48යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 197 ක් රැස් කළා.
නවෝද් පරණවිතාන වේගවත් ආරම්භයක් ලබා දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමඟ ලකුණු 68 ක් ලබා ගැනීමට සමත්වුණා.
අනතුරුව සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 44යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.
ජොනතන් බර්ඞ් ලකුණු 71යි.
පන්දු යැවීමේදී අම්ෂි ද සිල්වා කඩුලු 2 ක් දවා ගත්තා.

Your Comments