ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට වැස්සෙන් බාධා

8

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරග මේ වන විට මැන්චෙස්ටර්හී දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත් නවසීලන්තය පන්දුවාර 46 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුනු 211 ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව තරගය තාවකාලිකව නතර කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

නවසීලන්තය වෙනුවෙන් රෝස් ටේලර් නොදැවී ලකුනු 67 ක් හා කේන් විලියම්සන් ලකුණු 67 ක් රැස් කලා.

Your Comments