ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනුශූරයන්ගේ මුදල් ත්‍යාගය බෙදී යන ආකාරය

10

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් නවසීලන්ත කණ්ඩායමට හිමි වූ මූල්‍ය ත්‍යාගය සියලු ක්‍රීඩකයින් අතරේ සමසේ බෙදී යන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, නවසීලන්ත ක්‍රිකට් ආයතනය සමග එම ක්‍රීඩකයින් අත්සන් තබා ඇති කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රකාරවයි.

ඊට අනුව තරගාවලියක ජයග්‍රාහී මූල්‍ය ත්‍යාගයන් සංචිතයේ සිටින සියලු දෙනා අතරේ සමසේ බෙදී යා යුතුයි.

ඒ අනුව කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ට මෙන්ම කිසිදු තරගයකට ක්‍රීඩා නොකළ ටොම් බ්ලන්ඩල්ට ද හිමි වන්නේ එක සමාන මූල්‍ය ප්‍රමාණයක්.

තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් නවසීලන්ත කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2ක්.
එනම් එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 35කට අධිකයි.

එම මුදල ක්‍රීඩකයින් අතර සමසේ බෙදී යනවා සේම සහය කාර්යය මණ්ඩලය වෙත ද මුදල් බෙදී යනු ඇති.

ඒ අනුව එක් ක්‍රීඩකයෙකුට හිමි වන මුදල නවසීලන්ත ඩොලර් 1,87,500ක් බව සදහන්.

තරගාවලියේ ශූරතාවය දිනා ගත් එංගලන්ත කණ්ඩායමට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 4ක්.

ඔවුන් තරගය ජයගතහොත් එම මුදල ද සමසේ බෙදා ගන්නා බවටයි අවසන් තරගයට පෙර එංගලන්තය සදහන් කර තිබුණේ.

Your Comments