ලෝක කුසලානයට ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ – IPL තරගාවලියේ 30 වන තරගයේ ජය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට

8

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.
ආරෝන් පින්ච්ගේ නායකත්වයෙවන් යුත් සංචිතයට හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටුපු උප නායක ඩේවිඩ් වෝනර් නම් කර තිබීම විශේෂත්වයක්.
පන්දුව පලුදු කිරීමේ සිදු වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට වසරක තරඟ තහනමක් පනවා තිබු අතර පසු ගිය දා එම තහනමේ කාලය අවසන් වුණා.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගයෙන් ජය වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ ලකුණු 39කින් පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.
හයිදරාබාද්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 155ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 116ක් පමණයි.
ඔවුන් එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 101ක් ලබා සිටි නමුත් ඉතිරි කඩුලු 8 ලකුණු 15ක් තුළ බිද වැටීම විශේෂත්වයක්.

Your Comments