ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගනය මෝදී නමට

23

ඉන්දියාවේ අහමදාබාද් නගරයේ ඉදිකල ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මොටෙරා හි සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ කෙරුනා.

 

ඒ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයෙන්.

පුළුල් කරන ලද සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය විවෘත කරමින් ඉන්දිය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් නිවේදනය කළේ එය නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනය ලෙස නම් කළ ඇති බවයි.

සමාරම්භක උත්සවය ඉන්දියාව සහ එංගලන්තය අතර දිවා රාත්‍රී තෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර සිදු පැවැත්වුනා.

නරඹන්නන් එක් ලක්ෂ 32 දහසකට එකවර අසුන් ගැනීමට එහි පහසුකම් සළසා තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් තත්වය හමුවේ අද තරගයට ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇත්තේ නරඹන්නන් 55 000 කට පමණයි.

2016 වසරේදී ආරම්භ කළ මෙම ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 110 ක්.

අහමදාබාද්හි මොටෙරා හි සර්දාර් පටෙල් ක්‍රිකට් ක්‍රීඩාංගණය නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනය ලෙස නම් කර ඇති බව ඉන්දියාවේ ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා විසින් නිවේදනය කරන ලදී.

පුළුල් අලු‍ත්වැඩියා කටයුතු වලින් පසු මෑතකදී නැවත විවෘත කරන ලද මෙම ක්‍රීඩාංගනය නව පිටියේදී පළමු ජාත්‍යන්තර තරගය සඳහා සත්කාරකත්වය සපයනු ලබන අතර ඉන්දියාව එංගලන්තය සමග තරග 4 කින් සමන්විත තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේදී බදාදා ඇරඹේ.

Your Comments