ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 4 වනදා තරඟ වදී

2

ජාතික කණ්ඩායම සහ ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලබන මස 4 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙන බවයි.

තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව ලබාදීමට ද තීරණය කර තිබෙනවා.

මේ අතර අයි සී සී විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණි ගත කිරීම් ලැයිස්තුවේ 9 වන සහ 10වන ස්ථාන ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් සහ වනිදු හසරංග සමත්ව තිබෙනවා.

Your Comments