රෝහිට් ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ඉවතට

29

එළඹෙන ඔස්ට්‍රේලියා තරග සංචාරය සදහා වන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලිය අතරතුර දී පාදයක ආබාධයකට ලක්ව සිටින රෝහිට් ෂර්මා මෙම සංචාරය සදහා කිසිදු සංචිතයකට නම් කර නැහැ.

කේ.එල් රාහුල් සහ කුල්දීප් යාදෙව් යළිත් ටෙස්ට් සංචිතයේ ස්ථානය වෙන් කර ගෙන ඇති අතර, මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති මොහොමඩ් සිරාජ් ද ටෙස්ට් සංචිතයට ඇතුළත්.

අයි.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ගොදුරු වූ ඉෂාන්ට් ෂර්මා ද ටෙස්ට් සංචිතය සදහා නම් කර නැහැ.

රෝහිට් ෂර්මා සහ ඉෂාන්ට් ෂර්මාගේ ආබාධ තත්ත්වයන් සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානයෙන් පසුවන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රෝහිට් සංචිතයට එක් නොකිරීම හේතුවෙන් සීමිත පන්දුවාර සංචිතවල උප නායකත්වය කේ.එල් රාහුල්ට හිමිව තිබෙනවා.

20යි 20 සංචිතය සදහා මයාන්ක් ආගාර්වල් නම් කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම් ඔස්ට්‍රේලියානු තරග සංචාරයට 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 4ක් ඇතුළත්.

පළමු එක්දින තරග 2 නොවැම්බර් 27 සහ 29 යන දෙදින සිඩ්නි හී දී පැවැත්විමට නියමිතයි.

තෙවැනි එක්දින තරගය දෙසැම්බර් පළමු වැනිදා පැවැත්වීමට නියමිත අතර පළමු 20යි 20 තරගය දෙසැම්බර් 4 වනදා කැන්බරාහී දී පැවැත්වීමට නියමිතයි.

අවසන් 20යි 20 තරග දෙක දෙසැම්බර් 6 සහ 8 යන දෙදින සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමෙන් පසුව දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 17 වනදා ආරම්භ වනු ඇති.

Your Comments