රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට දැවැන්ත ජයක්

24

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟයේදී කොල්කටා නයිට්රයිඩර් පිළ පරදවා ලකුණු 82ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

සාජා හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 194ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිළට සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.

Your Comments