රොනාල්ඩෝට කොරෝනා

12

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දින කිහිපයක් තිස්සේ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේ දී නිරෝධායනයටද ලක්ව තිබෙනවා.

ඉතාලියේ යුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ් -19 ආසාදන වී ඇති බවට තහවුරු වීමත් සමග එලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ස්වයං නිරෝධයනට ලක් කර තිබුණා.

කෙසේ වෙතත් ක්‍රිස්ටිනෝ රොනාල්ඩෝ කොරෝනා ආසාධිතයෙක් ලෙස හදුනාගෙන ඇති බව පෘතුගාල පාපන්දු සංගමය විශේෂ සටහනක් තබමින් සනාථ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Your Comments