රිෂාබ් පාන්ට් සහ රවීන්ද්‍ර ජඬේජා රෝහල් ගත කරයි

6

ඉන්දීය කඩුලු‍ රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් සහ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඬේජා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද දිනයේ දී සිදු වූ අනතුරු දෙකක් හේතුවෙන්.

ඔවුන් දෙදෙනා පළමු ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටියදී පන්දුව අතක වැදීමෙන් අනතුරුවලට මුහුණ දුන්නා.

රිෂාබ් පාන්ට්ගේ වම් වැළමිට ප්‍රදේශයේ පන්දුව වැදීමෙන් ආබාධයට ලක් වූ අතර රවීන්ද්‍ර ජඬේජා ආබාධයට ලක් වුණේ වම් මාපටැගිල්ලෙහි පන්දුව වැදීමෙන්.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියාව අතර සිඩනිහි දී පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිට ඔස්ටේ්‍රලියා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 103 ක්.

මේ අතර, සිය ක්‍රීඩකයින් දෙදෙනෙකු ප්‍රේක්ෂකයින් විසින් වාර්ගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා කරමින් ඉන්දීය කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඞ් සිරාජ් යන ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස වාර්ගික අපයෝජනයට ලක්ව ඇත්තේ තරගයේ දෙවැනි සහ තෙවැනි දිනවලදීයි.

අද දිනය අවසානයේ දී නායක අජින්කෙයා රහානේ, රවිචන්ද්‍රන් අශ්වින් ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මේ සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවරුන් දැනුවත් කිරීමට කටයුතු කළා.

 

 

 

Your Comments