රසල්, ෆෆ් ඇතුළු ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් 5ක් LPL තරගාවලියෙන් ඉවත් වෙයි

35

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තෝරා ගැණුනු විදෙස් ක්‍රීඩකයින් පස් දෙනෙකු තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ෆෆ් ඩු ප්ලෙසිස් සහ ඬේවිඞ් මිලර් ද ඒ අතර වනවා.

ෆෆ් ඩු ප්ලෙසිස්ට සහ ඬේවිඩ් මිලර්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇත්තේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර නොවැම්බර් 27 වනදා ආරම්භ වන සීමිත පන්දුවාර තරගාවලි හේතුවෙන්.

ඊට අමතරව අදාළ තරගාවලිය නිසා ලොව අංක එකේ 20යි 20 පිතිකරු වන ඬේවිඞ් මලාන්ට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඇන්ඩ්‍රි රසල් එල්.පී.එල් තරගාවලියෙන් ඉවත් වි ඇත්තේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

තරගාවලියෙන් ඉවත් වී ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ මන්විදර් බිස්ලා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Your Comments