යොවුන් ලෝක කුසලානයේ පලිහ අවසන් තරගය අද

18

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පලිහ අවසන් තරගය අද පැවැත්වෙනවා.
ඒ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතරයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1යි 30ට ආරම්භ වනු ඇති.
මේ අතර, මෙවර තරගාවලියේ 5 වන ස්ථානය තේරීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ටේ්‍රලියාව ඊයේ සමත් වුණා.
ඒ, පස්වන ස්ථානය තේරීමේ දෙවන අවසන් පූර්ව තරගයෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත් කරමින්.
ඒ අනුව ඔවුන් පස්වන ස්ථානය තේරීම සදහා වන අවසන් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග වදිනු ඇති.

Your Comments