යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඇරඹේ

14

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද දකුණු අප්‍රිකාවේ දී ආරම්භ කෙරෙනවා.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව එක්වන රටවල් සංඛ්‍යාව 16ක්.

ඔවුන් ඛාණ්ඩ 4ක් යටතේ තරග වදිනු ඇති.

තරගාවලියේ පළමු තරගය අද දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අනිද්දා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ දී නවසීලන්තයට සහ ජපානයට එරෙහිව ද ශ්‍රී ලංකාව තරග වදිනු ඇති.

13 වන වරටත් සංවිධාන කර ඇති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි 9 වනදායි.

Your Comments