මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දියාව ඉවත් වීමේ තීරණයක

11

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දියාව ඉවත් වීමට අවධානය යොමු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කලා.

පසුගිය වසරේ දී පැවැත්විමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසරේ ජූනි මාසය දක්වා කල් දැමීමටයි මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ.

කෙසේ වෙතත්, ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ද එම කාලයේ දී පැවැත්වීමට නියමිතයි.
මේ වන විටත් ඉන්දියාව එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ සටනෙහි නිරතවෙමින් සිටිනවා.

ඒ සදහා සුදුසුකම් ලබා නොගතහොත්, පසුගිය වසරේ දී කල් දැමීමට කටයුතු කෙරුණු තරගාවලි ජූනි මාසයේ දී ක්‍රීඩා කිරීමටයි ඉන්දියාව මේ වන විට අවධානය යොමු කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන කණ්ඩායම් ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට ඉඩ ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය මීට පෙර පාකිස්තානයට හිමිව තිබූ නමුත්, එය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි පසුගිය වසරේ දී තීරණය කෙරුණේ.

ඒ වෙනුවට 2022 වසරේ මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය වෙත හිමිව තිබෙනවා.

Your Comments