මෙතෙක් ලෝක කුසලානයක් නොගත් නවසීලන්තය සහ එංගලන්තය අවසන් තරගයට

25

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ පැවැති දෙවන අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලූ 8ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

බර්මිංහැම් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ටේ්‍රලියාව පළමුවෙන් පන්දුවට පහරමටයි තීරණය කළේ.
ඒ අනුව ඔවුන් පන්දුවාර 49කදී සියලූ දෙනා දැවී ලකුණු 223ක් ලබා ගත්තා.

ස්ටීවන් ස්මිත් ලකුණු 85යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 32යි පන්දුවක් අවසානයේ කඩුලූ 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජේසන් රෝයි ලකුණු 85යි.

එංගලන්තය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ 1992 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔවුන් ලබන ඉරිදා නවසීලන්තයට එරෙහිව ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී අවසන් මහා තරගය සදහා තරග වදිනු ඇති.

නවසීලන්තය සහ එංගලන්තය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දී මෙතෙක් ලෝක කුසලානයක් ජය ගෙන නැහැ.

 

Your Comments