මුම්බායි කණ්ඩායමට ජය අත්කර දුන්  අවසන් පන්දුවාරය මාලිංග දැම්ම හැටි

53

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2019 වසරේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (12) සමත් විය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමින් හයිද්‍රාබාද්හී පැවැති අවසන් මහ තරගයේදී ඔවුන් මෙම ජයග්‍රහණය ලැබුවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර IPL කිරුළ හිමිකර ගත්තේ සිව්වැනි අවස්ථාවට වන අතර, එය කණ්ඩායමක් IPL කිරුළ වැඩිම අවස්ථාවක් ජයග්‍රහණය කළ අවස්ථාව ද වනවා.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 149ක් රැස් කර ගනු ලැබුවා. ඊට පිළිතුරු ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ කඩුලු හතක් දැවී ලකුණු 148ක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු ව තිබූ මොහොතකදී අවසන් පන්දුවාරය  යොමු කිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගනු ලැබුවා.

අවසන් පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 9ක් අවශ්‍යව තිබුණි.

කෙසේ වෙතත් චෙන්නායි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණ 7ක් පමණි.

ලසිත් මාලිංග යොමු කළ පළමු පන්දුව පැයට කිලෝමීටර් 142.3ක වේගයෙන් ෂේන් වොට්ෂන් වෙත ඇදී ආවා. ඊට පහර දුන් වොට්සන් එක් ලකුණක් ලබාගත්තා.

දෙවන පන්දුව ආර්. ජඩේජා වෙත ඇදී ආවේ පැයට කිලෝමීටර් 143.0ක පමණ වේගයකින්. ඊටද එක් ලකුණක් ලබා ගැනීමට සමත් විය. පැයට කිලෝමීටර් 141.7 වේගයකින් ෂේන් වොට්ෂන් වෙත ඇදී ආ පන්දුවට ලකුණු දෙකක් ලබාගැනීමට ඔහු සමත් විය.

කෙසේ වෙතත් පැයට කිලෝමීටර් 140.6ක වේගයකින් පැමිණි සිව්වැනි පන්දුවේදී එතෙක් චෙන්නායි කණ්ඩායම වෙනුනේ හුදෙකලා සටනක නිරතවෙමින් තරගය ඉදිරියට ගෙන ආ ෂේන් වොට්සන් දුවද්දී දැවී යාමකට හසුකර ගත් අතර එහිදී චෙන්නායි කණ්ඩායමට හිමිවූයේ එක් ලකුණක් පමණි.

ෂේන් වොට්සන්ගේ දැවීගියේ ලකුණු පන්දු 59ක් තුළ හයේ පහර හතරක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 80ක් ලබා සිටියදීයි.

වොට්ෂන්ගේ දැවීයාමෙන් පසුව පිටියට පැමිණි එස්. තාකූර් පස්වැනි පන්දුවට තවත් ලකුණු දෙකක් රැස්කළා. එම පන්දුව පිතිකරු වෙත පැයට කිලෝමීටර් 140.3ක වේගයකින් පැමිණියේය.

ජයග්‍රහණය සඳහා තවත් ලකුණු දෙකක් අවසන් පන්දුවේදී ලබාගැනීමට අවශ්‍ය තිබුණි. එස්. තාකූර් පිතිකරණ විකට්ටුවේ රැඳී සිටියදී ලසිත් මාලිංග අවසන් පන්දුව යොමු කරන ලදී. එහිදී තාකූර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට මාලිංග සමත් විය. අවසන් පන්දුවාරයේ පළමු පන්දු පහම පැයට කිලෝමීටර් 140කට අධික වේගයකින් යොමු කළ ලසිත් මාලිංග අවසන් පන්දුව යොමු කළේ පැයට කිලෝමීටර් 112.4ක වේගයකිනි.

ඒ අනුව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම එක ලකුණකින් තරගය ජයග්‍රහණය කරන ලදී.

කෙසේ වෙතත් අවසන් පන්දුවට මුහුණ දුන් ඨාකූර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මාලිංග සමත්විය.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙවර ද කටයුතු කළේ, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනයි.  මුම්බායි ඉන්දියන් කණ්ඩාම අවස්ථා හතරකදී අයි.පී.එල්. කිරුළ ලබාගෙන තිබෙනවා.

Your Comments