මුම්බායි ඉන්දියන්ස් තවත් තරගයක් ජය ගනී
ප්‍රසාද ලකුණු සටහනෙනුත් පෙරමුණට

21

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රී පැවැති 27 වැනි තරගය ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වූවා.
ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසිය වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 162ක් ලබාගැනීමට සමත් විය.

සිඛර් ධවාන් නොදැවී ලකුණු 69ක් ලබාගැනීමට සමත් වූවේ පන්දු 52කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමගින්.
නායක එස්. අයිර් පන්දු 33කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 42ක් ලබා සිටියදී දැවී ගියා.

කඩුලු දවා ගැනීමේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කේ. පාන්ඩ්යා පන්දුවාර හතරකදී ලකුණු 26කට කඩුලු දෙකක්ද ට්‍රෙන්ට් බෝල්ට් පන්දුවාර හතරකදී ලකුණු 36කට එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය.

ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු පහක් පමණක් දැවී ලකුණු 166ක් ලබාගැනීමට සමත් විය.

එහිදී ක්වින්ටන් ඩි කොක් සහ සුර්යකුමාර් යාදෙව් ලකුණු 53 බැගින් ලබාගැනීමට සමත් විය.

එහිදී ඩි කොක් පන්දු 36කදී හතරේ පහර හතරක් සහ හයේ පහර තුනක් සමග සිය ලකුණු 53 සම්පූර්ණ කළ අතර යාදෙව් සිය ලකුණු 53 සම්පූර්ණ කිරීමට පන්දු 32කදී එක් හයේ පහරක් සහ හතරේ පහර හයක් එල්ල කරනු ලැබුවා.

පන්දු යැවීමේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කගිසෝ රබාඩා කඩුලු දෙකක්ද අසාර් පටෙල්, රවිචන්ද්‍රන් පටෙල් සහ මර්කස් ස්ටෙයිනිස් එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.

ඒ අනුව එම තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 5ක ජයක් ලබාගැනීමට සමත් විය.

තරගයේ වීරයා ලෙස ක්වින්ටන් ඩි කොක් සම්මාන ලබාගත්තා.

මේ අතර IPL ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 10ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානයට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම යළි සමත්ව තිබෙනවා.

දෙවන ස්ථානයේ පසුවන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි. එම කණ්ඩායම ප්‍රසාද ලකුණු 10ක් ලබාගෙන සිටිනවා.

තෙවන ස්ථානයේ පසුවන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

සම්පූර්ණ ප්‍රසාද ලකුණු සටහන පහතින් දැක්වේ.

Your Comments