මාලිංග සතු අත්දැකීම් අයිපීඑල් අවසන් තරගය ජය ගැනීමට හේතු වුණා

31

ලසිත් මාලිංග සතු අත්දැකීම් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජය ගැනීම සදහා හේතු වූ බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා පවසනවා.
ඒ, අවසන් තරගය ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.
පළමු පන්දුවාර තුනේ දී මාලිංග දරුණු ප්‍රහාරයකට ලක්ව සිටියද ඔහු මීට පෙර මෙවැනි අභියෝග රැසකට මුහුණ දී ඇති බැවින් අවසන් පන්දුවාරය යැවීමට තෝරාගත් බවයි ෂර්මා පෙන්වා දෙන්නේ.
ලසිත් මාලිංග යනු 20යි 20 පිටියේ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු බව ද මුම්බායි නායකයා මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළා.
සිය කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග දීර්ඝ කාලයක් ක්‍රීඩා කර ඇති බවත්, ඔහුගේ සියලු අත්දැකීම් තරගයේ අවසන් පන්දුවාරයේදී කණ්ඩායමට උපයෝගී වූ බවත් රෝහිට් ෂර්මා කියා සිටියා.
අවසන් පන්දුවේ දී වේගය අඩාල කර පන්දුවක් යවා උඩ පන්දුවක් ලබා ගැනීම සැලසුම වී තිබූ බව ද ඔහු මෙහිදී අණාවරණය කළා.

Your Comments