මාලිංග යළි හසු වුවහොත් තහනමක්!

44

ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, පෙරේදා නවසීලන්තය සමග නිමා වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේකුවෙන්.

ඒ අනුව තරග ගාස්තුවෙන් සියයට 10ක දඩ මුදලක් ක්‍රීඩකයින්ට පැනවීමටයි තරග තීරකවරයා තීරණය කර ඇත්තේ.

එමෙන්ම නායක ලසිත් මාලිංගට සියයට 20ක දඩ මුදලක් පනවා තිබෙනවා.

ඉදිරි මාස 12ක කාලය තුළ දී ශ්‍රී ලංකාව ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ එක්දින තරගයක දී මෙම වරදට හසු වුවහොත් ඔහුට එරෙහිව තරග තහනමක් ද පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කරනු ඇති.

Your Comments