මාලිංග මුම්බායි කණ්ඩායමේ තරග දෙකකින් පසු යළි දිවයිනට?

10

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම සහභාගී වන දෙවන හා තෙවන තරග සදහා පළමුව ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.
අනතුරුව ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළා.
ඒ අනුව මාර්තු 28 වනදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග සහ මාර්තු 30 වනදා කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙක සදහා ඔහු ක්‍රීඩා කිරීමට නියමිතයි.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඔහු සහභාගී වීමට මෙරටට පැමිණීමට නියමිත බවද සඳහන්.
අප්‍රේල් 4 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වෙන අදාළ තරගාවලිය අවසන් වීමෙන් පසු මාලිංග යළි ඉන්දියාව බලා පිටත් වනු ඇති.

Your Comments