මාලිංග ට ආදේශකයෙකු සෙවීම අතිශය දුෂ්කරයි – මුම්බායි ඉන්දියන්ස් ෂර්මා කියයි

22

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා පවසනවා.

මෙවර අයි.පී.එල් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

ලසිත් මාලිංග වෙනුවට ආදේශ කළ හැකි ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිබඳ මෙහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා අදහස් පළ කර සිටියා.

ඒ අනුව ජේම්ස් පැටින්සන්, ධවල් කුල්කානි සහ මොහ්සින් ඛාන් යන ක්‍රිඩකයින් ඔහු වෙනුවට ආදේශ කිරීමට නියමිත බවයි රෝහිට් ෂර්මා සඳහන් කළේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භකිරීමට නියමිතයි.

Your Comments